හිරුණිකාගේ දුරකතන අංකය ගණිකා සේවා සපයන වෙබ් අඩවියක….! දැඩි ලිංගික පීඩනයෙන් පෙළෙන ලාංකික පිරිමින්ගේ වැඩක් බවට චෝදනා….!

July 22, 2021 at 11:04 pm | by emanisa.lk

කිසියම් තරුණියකගේ ඡායාරූප තමන්ගේ දුරකතන අංකය සමඟ අසභ්‍ය වෙබ් අඩවියක පළ කර ඇතැයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර චෝදනා කරයි.

ෆේස්බුක් මගින් තරුණියන්ගේ පින්තූර ලබා ගෙන ඒ සමඟ අදාළ තරුණියගේ හෝ වෙනත් තරුණියකගේ දුරකතන අංක පළකර තරුණියන් අලෙවි කිරීමේ හෝ අපහසුතාවට පත්කිරීමේ ක්‍රියාවලියක් සිදුවන බවට ඇය චෝදනා කරයි.

COVID 19 වසංගතය මේ රටේ ආරම්භ වූ දා සිට ගෘහස්ථ හිංසනය වැඩි වී ඇති අතර බොහෝ කාන්තාවන් අන්තර්ජාලය හරහා ලිංගික හිරිහැරවලට ලක්ව ඇති බව හිරුණිකා පැවසුවාය.

මෙයට හේතුව ශ්‍රී ලාංකික පිරිමින් දැඩි ලිංගික පීඩනයකින් පෙළීම බව ද ඇය මෙහි දී සඳහන් කළාය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *