හිරුට දෙරණට අද සිට දැන්වීම් දෙන්නේ නෑ! ලංකාව බෞද්ධ නොවේ යැයි කියා රට ගිනි තැබූ ඇමති මංගල තීන්දු කරයි!

May 15, 2019 at 3:26 pm | by admin

මුදල් අමාත්‍යංශය සහ ඒ යටතේ පවතින කිසිම රාජ්‍ය ආයතනයක රූපවාහිනී දැන්වීම් හිරු සහ දෙරණ මාධ්‍ය ආයතනවලට නොදෙන ලෙස මුදල් අමාත්‍ය මංගල සමරවීර මීට සුළු මොහොතකට පෙර නියෝග කර තිබේ.

මුදල් අමාත්‍යංශයේ පැවති රැස්වීමක දී ඇමති මංගල සමරවීර මෙම තීරණය ගෙන ඇත්තේ ශ්‍රී ලංකාව සිංහල බෞද්ධ රටක් නොවන බවට ඔහු සිදු කළ ප්‍රකාශයට පුළුල් ප්‍රචාරයක් දීම සහ ඊට එරෙහිව සමාජය තුළ ප්‍රතිවිරෝධයක් ගොඩනැඟීමට මෙම මාධ්‍ය ආයතන දෙක ක්‍රියා කළේය යන චෝදනාව මතය.

පාස්කු ඉරිදා දැවැන්ත ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වී ජීවිත 250කට අධික ප්‍රමාණයක් අහිමි වී 500කට අධික පිරිසක් තුවාල ලබා රටම නොසන්සුන් අවස්ථාවක ඇමතිවරයාගේ මෙම ප්‍රකාශය ජනතාව කුපිත කරවා ජාතිවාදී ගැටුම් කරා යොමු කරවන වෛරී ප්‍රකාශයක් බව බොහෝ දෙනා පෙන්වා දී තිබේ. මෙම ප්‍රකාශය පාස්කු ප්‍රහාරයට සති තුනකට පසු ජනතාව අතර ගැටුම්කාරී තත්ත්වයක් ඇති වීමට හේතු වූයේ දැයි සැක සිතෙන බව ද සමහරු කියති.

මැල්කම් කාදිනල් රංජිත් අගරදගුරුතුමා පවා මේ රට සිංහල බෞද්ධ රටක් බවත් සෙසු ආගමික කොටස්වලට එය ආශීර්වාදයක් බවත් පවසන පසුබිමක ආණ්ඩුවේ ඇමතිවරයකු මේ රට සිංහල නොවේ යැයි පැවසීම ඇවිලෙන ගින්නට පිදුරු දැමීමක් බව තෛනිකායික මහා නායක හිමිවරු ද නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර තිබිණි.

රාජපක්ෂ පාලන සමයේ රටේ මාධ්‍ය නිදහසක් නැතැයි පවසමින් මාධ්‍ය නිදහස ස්ථාපිත කිරීමට යැයි පවසා බලයට පැමිණ සමාජමාධ්‍ය අවහිර කරමින් පෞද්ගලික මාධ්‍ය ආයතනවලට කළු මාධ්‍ය යැයි තර්ජනය කරමින් රටේ සිදුවන දෑ වාර්තා කිරීමට මාධ්‍ය ආයතනවලට සීමා පනවමින් අවසානයේ මාධ්‍ය ආයතනවලට දැන්වීම් ලබා නොදීම ඔස්සේ පෙර නුවූ විරූ මාධ්‍ය මර්දනයක් කරා ආණ්ඩුව තල්ලු වෙමින් ඇති බව පෙනේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස