හිරකාරයෝ මට සැලකුවේ රජෙකුට වගේ! ඊළඟ අගමැති මමයි කියල හිරගෙදරත් කතා වෙනවා! – රාජිත

June 14, 2020 at 7:53 am | by emanisa.lk

ශ්‍රී ලංකාවේ මීළඟ අගමැති තමන් යයි මීගමු බන්ධනාගාරයේ රඳවා සිටි රැඳවියන් පැවසූ බව හිටපු ඇමැති රාජිත සේනාරත්න සඳහන් කරයි.

තමන් බන්ධනාගාරයේ සිටි කාලයේදී තමන්ට සැලකුවේ රජකුට සලකන ආකාරයෙන් බවත් රැඳවියන් තමන්ට ඉතා ගෞරවයෙන් ආදරයෙන් සැලකූ බව තමන්ගේ සියලු අවශ්‍යතා ඉටු කර දුන් බවත් ඔහු පවසයි.

තමනට නෑමට උණුවතුර පවා දුන් බවත් කී ඔහු තම ජීවිතයේ රසම පොල් සම්බෝලය කෑවේ එම හිරගෙදරදී යයිද කීය.

ඔහු මේ බව කියා සිටියේ අන්තර්ජාල නාළිකාවක් සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමිනි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස