හිපියන් දෙදෙනෙක් මාධ්‍ය හමුවක! ගෝඨා ඇමරිකානුවෙක් බව කියයි!

November 14, 2019 at 1:35 pm | by emanisa.lk

සුදු ජාතිකයන් දෙදෙනෙකු සම්බන්ධ කරගෙන ගෝඨාභය රාජපක්ෂට මඩ ගැසීමේ කුමන්ත්‍රණයක් දියත් වී ඇති බවට පුවතක් පැතිර යයි.

මේ දෙදෙනා විසින් තමන් ඇමරිකානු ජාතික නීතිඥයන් ලෙස හඳුන්වා දී ගෝඨාභය රාජපක්ෂ තවමත් ඇමරිකානු ජාතිකයකු බව ව්‍යාජ ලිපි ලේඛන යොදා ගෙන පැවසීමට නියමිතය.

අදාළ වීඩියෝව මඩ වෙබ් අඩවි, ෆේස්බුක්, ට්විටර්, ඉමෝ, වට්ස්ඇප් ආදී සමාජමාධ්‍ය භාවිතයෙන් සමාජගත කිරීමට නියමිතය. ඒ මෙවැනි ප්‍රචාර සඳහා ප්‍රතිචාර දැක්වීමට පවා මැතිවරණ ප්‍රචාරණ කටයුතු තහනම් අවස්ථාවේ ඇති ඉඩකඩ භාවිත කරමිනි.

මැතිවරණ ප්‍රචාරක කටයුතුවලට ඉඩක් නොමැති මේ දින දෙක තුළ මෙවැනි අසත්‍ය පුවත් රාශියක් නිර්මාණය කර පැතිරවීමට සූදානමක් පවතින නිසා ජනතාවට එවැනි අසත්‍ය පුවත්වලට නොරැවටී කටයුතු කරන එමගින් ඉල්ලා සිටියි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස