හිතුමතේ වැව් හැරීම අපරාධයක්…! වැවේ පුරාවස්තු තියෙන්න පුළුවන්….! – එල්ලාවල මේධානන්ද හිමි…

June 30, 2021 at 1:35 pm | by emanisa.lk

තිස්ස වැවේ රොන් මඩ ඉවත් කිරීමට අවසර ලබා දෙනවා ද නැද්ද යන්න පුරාවිද්‍යා උපදේශක සභාව මගින් පත් කරනු ලබන කමිටුවක් කරනු ලබන අධ්‍යයනයකින් පසුව තීරණය කළ යුතු යැයි පුරාවිද්‍යා චක්‍රවර්ති එල්ලාවල මේධානන්ද හිමියෝ පැවැසූහ.

එකී අධ්‍යයනය සඳහා ඉතා ස්වාධීන කමිටුවක් පත්කිරීමේ අවශ්‍යතාවක් පවතින බව උන්වහන්සේ පෙන්වා දුන්හ.

හිතුවක්කාර ලෙස වැව් හැරීම අපරාධයක් යැයි පෙන්වා දුන් මේධානන්ද හිමියෝ සංවර්ධනය අවශ්‍ය නමුත් එය රටේ අතීත උරුමය රැකගෙන කළ යුතු යැයි ද අවධාරණය කළහ.

වැව්වල ජලය පවතිද්දී රොන් මඩ ඉවත් කිරීම අසීරු කාර්යයක් නමුත් එය අතීතයේ ද සිදු වූ බවත් පෙන්වා දුන් උන්වහන්සේ තිස්ස වැවෙහි රොන් මඩ ඉවත් කිරීමේ දී පුරාවස්තු හමුවනු ඇතැයි තමන් විශ්වාස කරන බව ද පැවැසූහ.

විශේෂයෙන් එය ප්‍රතිසංස්කරණය කර ඇත්තේ මීට වසර 150 කට පෙර බැවින් පැරණි සොරොව් බිසෝ කොටු ආදිය හමුවිය හැකි බවද මේ පිළිබඳව පුරා විද්‍යා උපදේශක සභාව වහා සාකච්ඡා කොට තීරණයක් ගත යුතු බව ද මේධානන්ද හිමියෝ පෙන්වා දුන්හ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *