හිතුමතේ කරන්ට් කපන විදුලිබල මණ්ඩලේට ආණ්ඩුවෙන්ම නඩු දෑම වැරදියි! විදුලි බලේ සහ කොමිසම් ගැටුම නිමාවන තුරු මම කැබිනට් එන්නේ නෑ! – ජනපති විසඳුම් දෙයි….

April 3, 2019 at 5:19 pm | by admin

ලංකා විදුලි බල මණ්ඩලයත්, මහජන උපයෝගිතා කොමිෂන් සභාවත් අතර ඇති වී තිබෙන අර්බුදය විසඳා ගන්නා තෙක් තමා කැබිනට් රැස්වීම්වලට සහභාගි නොවන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අද (2) කැබිනට් රැස්වීමේදී ප්‍රකාශ කර තිබේ.

මහජන උපයෝගිතා කොමිෂන් සභාව විදුලි බල මණ්ඩලයට එරෙහිව නඩු පැවරීම සම්බන්ධයෙන්ද අදහස් දක්වා ඇති ජනාධිපතිවරයා රජයේ ආයතනයක් තවත් රජ්‍ය ආයතනයකට එරෙහිව නඩු පැවැරීම කිසිසේත් අනුමත කළ නොහැකි බවද පවසා ඇත.

මෙවැනි ක්‍රියාවලින් එම ආයතන පිරිහීමට ලක්වනවා මෙන්ම පරිභෝගික ජනතාවද පීඩනයට පත්වන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ප්‍රකාශ කර ඇත.

මේ අතර මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ ක්‍රියාකලාපය සම්බන්ධයෙන් ජනාධිපතිවරයා දැඩිව විවේචනය කර ඇතැයි වාර්තා වෙයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *