හිටපු හමුදාපති මහේෂ් තානාපති කාර්යාල ඉත්තෙක්! ඔහු ජාතිය පාවා දීමේ කඳවුරේ අපේක්ෂකයා! – ජනපති අපේක්ෂක මහේෂ්ට පක්ෂය ඇතුළෙන්ම චෝදනා….

October 18, 2019 at 10:16 am | by emanisa.lk

ජනාධිපති නීතීඥ ශ්‍රීනාත් පෙරේරා නායකත්වය දරන ජාතික ජනතා පක්ෂය මඟින් හිටපු යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක ජනාධිපති අපේක්ෂකත්වයට ඉදිරිපත් කර ඇත්තේ පක්ෂයේ සාමාජිකයන්ගේ අනුමැතියකින් තොරව බවට එහි සාමාජිකයෝ චෝදනා කරති.

එම පක්ෂයේ පළාත් පාලන මන්ත්‍රීවරුන් ඊයේ පෙරවරුවේ මාධ්‍ය හමුවක් කැඳවමින් මේ බව සඳහන් කළේය.

ජාතික ජනතා පක්ෂයේ විධායක සභික ප්‍රදීප් පනාගොඩ මේ පිළිබඳ මෙසේ අදහස් පල කළේය.

“සිවිල් සංවිධානයැයි කියාගන්නා පිරිසක් එකතු වෙලා තානාපති කාර්යාල, විදේශ ආයතන හරහා ලැබුණු මුදල් නිසා ගත්ත තීන්දුවක් මේක.

මේක ජනතා ව්‍යාපාරය නෙවේ ජාතිය පාවාදීමේ ව්‍යාපාරය. කාටවත් නිකන් ඉන්න බැරුව කරන වැඩවලට සහායක් නැහැ. ගම්පහ රැස්වීමට 110යි හිටියෙ ලක්ෂ 10කට වඩා වියදම් කරලා.

පැහැදිලිව මේකට විදේශ අතපෙවීම් තිබිය යුතුමයි. මොහු ප්‍රධාන ධාරාවෙන් ඔබ්බට සමාජ ප්‍රශ්නයක්වත් කතා කළේ නැහැ. රටට හානියක් වුණොත් පක්ෂයේ මහලේකම් ශ්‍රීනාත් පෙරේරා වගකිව යුතුයි.”

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස