හිටපු වසංගත රෝග ප්‍රධානී ජාතික ආරක්ෂාව අනතුරේ දාලා…! පොලිස්පතිට පැමිණිල්ලක්….

June 21, 2021 at 2:51 pm | by emanisa.lk

වැරදි සංඛ්‍යා ලේඛන ඉදිරිපත් කර සිය ව්‍යවස්ථාපිත යුතුකම ඉටු කිරීම පැහැර හැර ජාතික ආරක්ෂාව අනතුරට පත් කළැයි චෝදනා කරමින් වසංගත රෝග විද්‍යා ඒකකයේ හිටපු අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර ඇතුළු එම ඒකකයේ වගකිව යුත්තන්ට එරෙහිව නිතීඥ අරුණ ලක්සිරි උණවටුන පොලිස්පතිවරයා වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත.

විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර ඇතුළු රජයේ නිලධාරීන් කොවිඩ් ආසාදිතව මියගිය අයගේ යැයි කියන සංඛ්‍යා ලේඛණ වැරදියට දක්වා සහ වෙනස් කර දක්වා ජන ජීවිතය පවත්වා ගෙන යාම අනතුරට පත්කර, කොරෝනා රෝගය සම්බන්ධයෙන් ජනතාවට සිය ව්‍යවස්ථාපිත යුතුකම ඉටුකිරීම පැහැර හැරීමෙන් සහ ජාතික ආරක්ෂාව අනතුරට පත්කිරීමෙන් ලංකා දණ්ඩ නිති සංග‍්‍රහයේ 289 වගන්තිය යටතේ වරදක් කර ඇති බවට එම පැමිණිල්ලෙන් දක්වා ඇත.

ඒ අනුව, ඒ සම්බන්ධයෙන් පරීක්ෂා කර නීතිය ක්‍රියාත්මක කරන ලෙසත් එලෙස මිය ගිය අය සත්‍ය වශයෙන්ම කොවිඩ් වෛරසයෙන් මිය ගිය අය ද යන්න සහ ඉදිරිපත් කළ සංඛ්‍යා ලේඛණ නිවැරදි ඒවා ද යන්න විමසා බලමින් මෙම පරීක්ෂණය මෙහෙවන ලෙසට කරන ලෙසට පැමිණිල්ලෙන් ඉල්ලා ඇත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *