හිටපු මන්ත්‍රීවරුන්ගෙන් නාමයෝජනා නැත්තේ මට විතරයි! මේක රටේ ජනතාවට කළ විශාල අසාධාරණයක්! – මුතුහෙට්ටිගම

March 19, 2020 at 11:45 pm | by emanisa.lk

මෙවර මහ මැතිවරණයට තරඟ වැදීම සඳහා තමන්ට අවස්ථාව නොලැබුණ නිසා දේශපාලන පොරපිටියේ අඩියක් පසුපසට ගන්නා බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නිශාන්ත මුතුහෙට්ටිගම පවසයි.

එහෙත් අවශ්‍ය අවස්ථාවේදී තමන් ඩෑෂ් පහරක් එල්ල කරමින් නැවතත් දේශපාලන පැමිණෙන බව ද ඔහු සඳහන් කළේය.

හිටපු මන්ත්‍රීවරයා මේ බව කියා සිටියේ ගාල්ලේදී මාධ්‍ය අමතමිනි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් නාමයෝජනා නොලැබුණේ තමන්ට පමණක් බවටත් තමන් ගැන නොබලා තම නායකයන් වේලාසනම ගිහින් නාමයෝජනා අත්සන් කළ බවටත් ඔහු චෝදනාද කළේය.

කෙසේ හෝ අවසානයේ තමන්ටත් තම ජනතාවටත් අසාධාරණයක් වූ බව ද ඔහු කියා සිටියේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස