හිටපු පාලකයන්ගේ වරදින් ආර්ථිකය IMF පරිවාසයේ…! – ජනපති…

February 20, 2025 at 8:53 am | by emanisa.lk

රට ගොඩ­නැ­ඟී­මට ශක්ති­මත් ආර්ථි­ක­යක් ඇති කිරී­ම සඳහා මෙවර අය-වැයෙන් මූලික පිය­වර තැබූ බව ජනා­ධි­පති අනුර කුමාර දිසා­නා­යක මහතා ප්‍රකාශ කරයි.

පැවති පාල­න­යන්ගේ වැරදි මූල්‍ය කළ­ම­නා­ක­ර­ණය හේතු­වෙන් බංකො­ලො­ත්භා­ව­යට පත්වූ රට මේ වන­විට පව­තින්නේ ජාත්‍ය­න්තර මූල්‍ය අර­මු­දල වැඩ­ස­ට­හනේ යම් පරි­වා­ස­ය­කට යටත්ව බව ද ජනා­ධි­ප­ති­ව­රයා අවධාරණය කරයි.

ණය ප්‍රති­ව්‍යු­හ­ග­ත­ක­ර­ණ­යෙන් ණය ගෙවී­මට ගත් වසර තුනක විරාම කාලය හොඳින් උප­යෝගී කර නිවැ­රදි ආර්ථික කළ­ම­නා­ක­ර­ණ­ය­කින් 2028 වන විට ණය ගෙවීමේ ශක්‍ය­තා­වක් ඇති කිරී­මට රජය අපේක්ෂා කරන බව ද ජනා­ධි­පති අනුර දිසා­නා­යක මහතා කියා සිටියි.

බංකො­ලො­ත්භා­ව­යට පත් වූ රටක් නැවත ගොඩ­නැ­ඟී­මට ලෝකයේ බොහෝ රට­ව­ලට දශ­ක­යක් ගත වී ඇති නමුත් ශ්‍රී ලංකා­වට ඉන් මිදී­මට දශ­ක­යට වඩා අඩු කාල­යක් ගත කාල­යක් ගත­වේ­යැයි පුරෝ­ක­ථ­නය කළ හැකි බවත් මෙහිදී ජන­ප­ති­ව­රයා සඳහන් කරයි.

ජනා­ධි­ප­ති­ව­රයා මේ අද­හස් පළ කළේ, කොළඹ සින­මන්ඩ් ලයිෆ් හෝට­ලයේ ඊයේ (19) පැවති Ò2025 පශ්චාත් අය-වැය කති­කා­ව­තට එක්වෙ­මිනි.

Loading

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *