හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සෝමාවති වනයේ දඩයමේ ගිහින්…! මන්ත්‍රී සමග 15 කල්ලියක් අත්අඩංගුවට…!

September 19, 2021 at 1:16 pm | by emanisa.lk

එක්සත් ජාතික පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සිඩ්නි ජයරත්න ඇතුළු පහළොස් දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක්, පොළොන්නරුව වනජීවි විශේෂ වැටලීම් ඒකකය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ ඔවුන් සෝමාවතිය ජාතික වනෝද්‍යානයේ දඩයමේ ගොස් සිටිය දී ය.

මෙම කණ්ඩායම සෝමාවතිය ජාතික වනෝද්‍යානයේ ගල්බැද්ද ප්‍රදේශයේ දඩයමේ ගොස් ඇති අතර ඔවුන් එම ප්‍රදේශයේ කූඩාරම් ගසාගෙන සතුන් දඩයම් කරන බව පොලිස් විශේෂ කාර්ය බළකායට තොරතුරු ලැබී තිබිණි.

එම බළකාය සහ වනජිවී විශේෂ වැටලීම් ඒකකය මේ සම්බන්ධයෙන් මෙහෙයුමක් ආරම්භ කළ අතර එහිදී මෙම පිරිස අත්අඩංගුවට ගෙන තිබේ. යතුරු පැදි 8 ක්, කූඩාරමක්, විදුලිපන්දම්, මාළු දැල්, පිහි ඇතුළු තවත් උපකරණ රැසක්ද ඔවුන් ළග තිබී සොයා ගෙන ඇත. මෙම පිරිස පොළොන්නරුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ඇප මත නිදහස් කර තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *