හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා නිදහස්….!

June 24, 2021 at 11:28 am | by emanisa.lk

මරණ දඬුවම නියම වී දැනට සිරගත කර සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා අද දිනයේ ජනාධිපති සමාව යටතේ නිදහස් කිරීමට ඉඩ ඇති බව ‘ද මෝනින්’ පුවත්පත වාර්තා කරයි.

එම නිදහස් කිරීමට අවශ්‍ය කටයුතු සම්පූර්ණ කර ඇතැයි ද නීති ආරංචි මාර්ග උපුටමින් පුවත්පත අනාවරණය කරයි.

2016 සැප්තැම්බර් මාසයේ දී මහාධිකරණය විසින් ඔහු ඇතුළු විත්තිකරුවන්ට මරණ දඬුවම නියම කරන ලද්දේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් කරමිනි.

මේ අතර අද පොසොන් පොහොය නිමිත්තෙන් සිරකරුවන් 93 දෙනෙකු ජනාධිපති සමාව යටතේ නිදහස හිමිව තිබේ.

LLTE සැකකරුවන් 16 දෙනෙකු ද ඒ අතර සිටින අතර සුළු වැරදි සම්බන්ධයෙන් තවත් 77 දෙනෙකුට නිදහස හිමිව ඇත.

මේ අතර හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා ජනාධිපති සමාව යටතේ නිදහස් කළ බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශකවරයා තහවුරු කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස