හිටපු නීතිපති අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවයි…!

September 10, 2021 at 8:17 am | by emanisa.lk

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය කුමන්ත්‍රණයක් බවට කළ ආන්දෝලානාත්මක ප්‍රකාශය සම්බන්ධයෙන් හිටපු නීතිපති දප්පුල ද ලිවේරා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට කැඳවීමට ඉදිරියේදී ක්‍රියාකරනු ඇතැයි ආරක්‍ෂක ලේකම්, විශ්‍රාමික ජනරාල් කමල් ගුණරත්න සඳහන් පවසයි.

ආරක්ෂක ලේකම්වරයා මේ බව පැවසුවේ ඊයේ (09) ආරක්ෂක අමාත්‍යාංශයේ පැවැති මාධ්‍ය හමුවකදී මාධ්‍යවේදියෙකු යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

“නීතිපතිතුමා එම තනතුරෙන් ගියාට පස්සේ ඔබත් මමත් වගේ ම සාමාන්‍ය පුරවැසියෙක්. එතුමාගේ ප්‍රකාශය ගැන අපි සැලකිල්ලට භාජනය කරල තියෙනවා. කවුරු වුණත් ප්‍රකාශයක් කරල තියෙනව නම් එය සී.අයි.ඩී.යේ පරීක්ෂණයලට අවශ්‍ය දෙයක් නම් අපි ඒ ගැන පරීක්ෂණ පවත්වනවා. ඉදිරියේදී ඒ ගැන සී.අයි.ඩී.ය ක්‍රියා මාර්ගයක් ගනියි.”

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *