හිටපු නාවික හමුදාපති අත්අඩංගුවට නොගන්නැයි අධිකරණය පොලිසියට නියෝග කරයි!

March 7, 2019 at 3:59 pm | by admin

හිටපු නාවික හමුදාපති අද්මිරාල් වසන්ත කරන්නාගොඩ අත්අඩංගුවට ගැනීම හෝ රඳවා තබා ගැනීම නොකරන්නැයි ශ්‍රේෂ්ඨාධිකරණය විසින් පොලිසියට නියෝග කොට තිබේ.

ඒ තමන් අත්අඩංගුවට ගැනිම වළක්වාලමින් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට අතුරු තහනම් නියෝගයක් පනවන්නැයි ඉල්ලා හිටපු නාවික හමුදාපති අද්මිරාල් වසන්ත කරන්නාගොඩ විසින් ශ්‍රේෂ්ඨාධිකරණයේ හමුවේ ගොනු කළ මුලික අයිතිවාසිකම් පෙත්සම අද (07) සලකා බැලීමෙන් අනතුරුවය.

කොළඹ හා තදාසන්න ප්‍රදේශයන්හිදි තරුණයින් 11 දෙනෙක් පැහැර ගෙන ගොස් අතුරුදහන් කිරිමේ සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව විසින් සිදුකරනු ලබන විමර්ශනයේ 14 වන සැකකරු ලෙසයි හිටපු නාවික හමුදාපතිවරයා නම් කර ඇත්තේ.

2008 සහ 2009 වර්ෂවලදී කොළඹ ප්‍රදේශයේ තරුණයන් 11 දෙනෙකු අතුරුදහන් වීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් ලෙසට නම් කර ඇති හිටපු නාවික හමුදාපති අද්මිරාල් වසන්ත කරන්නාගොඩ ඇතුලු සියලු සැකකරුවන්ට එරෙහිව කොළඹ මහාධිකරණයේ අධි චෝදනා ගොනු කිරීමට නීතිපතිවරයා තීරණය කර ඇති බව රජයේ ජ්‍යෙෂ්ඨ නීතිඥවරයෙක් ඊයේ (06) අධිකරණයට දැනුම් දෙනු ලැබීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *