හිටපු ජනාධිපතිවරුන්ගේ වරප්‍රසාද එහෙම කපන්න බෑ…! – කමිටුව ජනපතිට දැනුම් දෙයි…

January 30, 2025 at 6:24 pm | by emanisa.lk

හිටපු ජනාධිපතිවරුන්ගේ ඇතැම් වරප්‍රසාද හා ප්‍රතිලාභ කප්පාදු කිරීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් බාධා ඇතැයි ඒ පිළිබඳ සොයා බැලීම සඳහා පත්කළ කමිටුව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට දැනුම් දී ඇති බව වාර්තා වේ.

ඒ අනුව හිටපු ජනාධිපතිවරුන්ගේ විශ්‍රාම වැටුප ඇතුළු ප්‍රතිලාභ කිහිපයක් ඉවත් කිරීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයකින් තොරව කටයුතු කළ නොහැකි යැයි එම කමිටුව සිය වාර්තාවෙන් ප්‍රකාශ කර ඇත.

කෙසේ වෙතත් පසුගිය ජනාධිපතිවරණ සමයේ ජාතික ජන බලවේගයේ ප්‍රබලයින් ජනතාවට පොරොන්දු දී තිබුණේ අනුර කුමාර දිසානායක මහතා ජනාධිපති ධුරයට පත්ව පැය 24ක් තුළ හිටපු ජනාධිපතිවරුන්ගේ සියලු වරප්‍රසාද අහෝසි කරන බවය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *