හිටපු ජනපති මෛත්‍රී – ඇමරිකානු තානාපති හමුවක්….! අනතුරුව ශ්‍රීලනිප හදිසි දේශපාලන මණ්ඩල සාකච්ඡාවක්…!

July 7, 2021 at 7:50 am | by emanisa.lk

හිටපු ජනාධිපති, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායක මෛත්‍රීපාල සිරිසේන සහ ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපතිනී ඇලයිනා බී. ටෙප්ලිට්ස් අතර හමුවක් ඊයේ (06) පැවැත් වී තිබේ.

ඊයේ පස්වරු 4.00ට පමණ මෙම හමුව සිදු වී ඇති අතර පැයක පමණ කාලයක් දෙපාර්ශ්වය අතර සාකච්ඡා පැවැත්වී ඇති බව සඳහන් ය. ‍

මින් අනතුරුව ශ්‍රීලනිපයේ හදිසි දේශපාලන මණ්ඩල සාකච්ඡාවක් ද හිටපු ජනාධිපතිවරයාගේ නිල නිවසේ දී පැවැත්වී ඇති අතර ඊට මහින්ද අමරවීර, ශාන් විජයලාල්, දුමින්ද දිසානායක, ලසන්ත අලගියවන්න, සුරේන් රාඝවන් යන මැති ඇමතිවරුන් ඇතුළු පිරිසක් සහභාගී ඇත. ශ්‍රීලනිප මහලේකම් දයාසිරි ජයසේකර මීට සහභාගී වී නොමැති බවත් සඳහන් ය.

තමන්ට ආණ්ඩුව කෙනෙහිලිකම් කරන බවට ශ්‍රීලනිපය කණ්ඩායම ප්‍රසිද්ධියේ චෝදනා කරන පසුබිමක ඇමරිකානු තානාපතිනිය හිටපු ජනාධිපතිවරයා හමු වීම සුවිශේෂ ය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස