හිටපු කතානායක විජමු අභාවප්‍රාප්ත වෙයි…!

February 14, 2021 at 8:56 pm | by emanisa.lk

හිටපු කතානායක වි.ජ.මු ලොකු බණ්ඩාර අභාවප්‍රාප්ත වී තිබේ.

කොවිඩ් ආසාදිත වීම නිසා ශ්‍රී ජයවර්ධනපුර රෝහලට ඇතුළත් කර පසුව වැඩිදුර ප්‍රතිකාර සඳහා පසුගිය 03 වන දා ප්‍රධාන පෙළේ පෞද්ගලික රෝහලකට යොමුකර තිබිණි

අනතුරුව හිටපු කතානායක වි.ජ.මූ ලොකුබණ්ඩාර අයි ඩී එච් රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියේ ය.අභාවප්‍රාප්ත වූ හිටපු කථානායක වී.ජ.මු. ලොකුබණ්ඩාරගේ දේහය පිළිබඳ අවසන් කටයුතු කොවිඩ් රෙගුලාසි මත හෙට දිනයේ සිදු කරනු ඇත.

1941 දී උපත ලබන ඔහු නමින් විජේසිංහ ජයවීර මුදියන්සේලාගේ ලොකු බණ්ඩාර වුවද මෙරට ජනතාව අතර වඩාත් ජනප්‍රිය වූයේ වී.ජ.මු. ලොකුබණ්ඩාර නමිනි. මෙරට දේශපානයේ කෘතහස්ත චරිතයක් වූ ඔහු 1977දී පළමු වරට එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට පිවිසෙයි.

සංස්කෘතික, අධ්‍යාපන, මාධ්‍ය, නීති ප්‍රතිසංස්කරණ හා බුද්ධ ශාසන යන කැබිනට් අමාත්‍ය ධූරද දරා ඇති වී.ජ.මු. ලොකුබණ්ඩාර මෙරට පාර්ලිමේන්තුවේ 18 වන කතානායකවරයාය. පාර්ලිමේන්තුවේ මැති ඇමතිවරුන් සිදු කරන කථා මාධ්‍යයට ලබා දීමට පළමුවරට කටයුතු කළේ ද ඔහු ය.

දේශපානයට මෙන්ම සාහිත්‍ය හා කලාවට ද එකසේ පෙම් බැදි හෙතෙම කුමාරතුංග මුණිදාසයන් ආරම්භ කළ හෙළහවුල සිංහල සාහිත්‍ය සංවිධානයේ සමාජිකයෙකි. වී.ජ.මු. ලොකුබණ්ඩාර කවියෙකු මෙන්ම ගීත රචකයෙකු ද වෙයි.

 

 

Loading

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *