හිටපු ඇමැති පුතා නීතිය අතට ගනී…! පොලිසියට අම්මා මතක් කර බැණ යකා නටයි..! (video)

June 2, 2022 at 11:41 am | by emanisa.lk

ශීතකරණයක් පටවා ගෙන පැමිණි නවීන කැබ් රථයකට අධිවේගී මාර්ගයට පිවිසීමට ඉඩ නොදුන් පොලිස් නිලධාරීන්ට තර්ජනය කර බැණ වදින වීඩියෝවක් සමාජ මාධ්‍යවල සංසරණය වෙයි.

අධිවේගී මාර්ගයේ වාහනවල අනාරක්ෂිත ලෙස බඩු රැගෙන යාමට ඉඩ නොදෙන නිසා පොලිස් නිලධාරීන් ඔවුන්ට හැරී යන ලෙස උපදෙස් දී තිබේ. එම කැබ් රථයේ අංකය sp-PG 4507යි.

“තෝ දන්නවද මම කවුද කියල? මම මෙතනට ආයේ එන්නෙ කොහොමද කියල බලපන්. ..සිගේ පුතා. … උඹේ …” යනුවෙන් තරුණයා පොලිස් නිලධාරීන්ට අම්මා මතක් කර බැණ වදින අතර රිය තුළ සිටි තරුණියක් ද අසභ්‍ය වචනයෙන් බැණ වදිනු ඇසිය හැකිය.

මෙලෙස පොලිසියට තර්ජනය කර බැණ වැදී ඇත්තේ හිටපු අමාත්‍ය, සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිප් වේදාරච්චිගේ පුතා බව ද සමාජ මාධ්‍ය වාර්තා කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස