කැබිනට් හෝ රාජ්‍ය ඇමතිධුර හිමි නොවීම සම්බන්ධයෙන්, හිටපු කැබිනට් හා රාජ්‍ය අමාත්‍යවරුන් ගණනාවක්ම කලකිරීමට පත්ව සිටින බව දැන ගන්නට තිබේ.
මේ අතර ආණ්ඩුවේ හිටපු කැබිනට් සහ රාජ්‍ය අමාත්‍යවරුන් පිරිසක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉකුත්දා මුණ ගැසී රාජ්‍ය ඇමැති තනතුරු ඉල්ලා ඇතැයි රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.
මෙම පිරිස ඉකුත් බදාදා කොටුව ජනාධිපති මන්දිරයේ දී ජනාධිපතිවරයා හමු වී මෙම ඉල්ලීම කර ඇති බව වාර්තා වෙයි.
තමන් කැබිනට් සහ රාජ්‍ය අමාත්‍ය ධුර දරන සමයේ ආරම්භ කළ වැඩසටහන් රැසක් අතරමග නවතා දමන්නට සිදුව ඇතැයි පවසා ඇති ඔවුන් එම කටයුතු සම්පූර්ණ කිරීම සඳහා අවස්ථාවක් ලබා දෙන ලෙස ඉල්ලීමක් කර ඇතැයි ද දැනගන්නට ඇත.
එහි දී ජනාධිපතිවරයා කැබිනට් ඇමතිවරුන් සමග සම්බන්ධ වී එම කටයුතුවලට සහය දක්වන ලෙස දැනුම් දී ඇතැයි අතර රාජ්‍ය අමාත්‍යවරුන් පත් කරන දිනයක් සම්බන්ධයෙන් කිසිවක් ප්‍රකාශ කර නැත.