හිටපු ඇමතිලගේ හොරකම් ගැන දන්නවා නම් පැමිණිලි කරන්න…! – මාලිමා මන්ත්‍රී…

January 27, 2025 at 9:02 am | by emanisa.lk

හිටපු ඇමතිවරුන් කළ සොරකම් සම්බන්ධයෙන් පැමිණිලි ගොනු කරන්නැයි ජනතාවගෙන් ඉල්ලා සිටින බව ජාතික ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී කෝසල නුවන් ජයවීර පවසයි.

“මේවා දේශපාලන පළිගැනීම් නෙවෙයි. තව ගොඩාක් කට්ටියට නීතිය ඉදිරියට යන්න වෙයි.

ජනාධිපතිවරුන්ගේ පුත්තු විතරක් නෙවෙයි, මේ ප්‍රදේශයේ හිටපු ඇමතිවරු සම්පත්, ඉඩකඩම් අල්ලාගත්තෙ කොහොමද, ඒවා හොරාකෑවෙ කොහොමද, ඒ සියලු කාරණා මේ රටේ ජනතාව දන්නවා.

අපි කියන්නේ, කරන්න දැන් ගිහිල්ලා පැමිණිලි. අපි කියනවා, කෙඳිරිගාන්න එපා. මේ ක්‍රියාත්මක වෙන්නෙ රටේ නීතිය.”

පාර්ලිමේන්තු මන්ත්‍රී කෝසල නුවන් ජයවීර මේ බව පැවසුවේ ඊයේ (26) පැවති ජනහමුවක් අමතමිනි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *