හිටපු ආණ්ඩුකාරයා කියන්නේ බොරු! කාත්තන්කුඩිය සංචාරක ගමනාන්තයක් නෙමේ! – කාත්තන්කුඩි පොලිස් ස්ථානාධිපති..

June 19, 2019 at 4:00 pm | by emanisa.lk

කාන්තන්කුඩිය අරාබි සංචාරකයන් විශාල වශයෙන් පැමිණෙන නගරයක් නොවන බවත් තමා පොලිස් ස්ථානාධිපති ලෙස වැඩභාරගත් පසු එවැනි තත්ත්වත් නොදුටු බවත් කාත්තන්කුඩි පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්‍ෂක එන්. කේ. කස්තුරිආරච්චි පාස්කු තේරීම් කමිටුව හමුවේ සාක්කි දෙමින් ප්‍රකාශ කළේය.

කාත්තන්කුඩිය අරාබි සංචාරක ගමනාන්තයක් නොවන බවත් මුහුද පවා බෙහෙවින් රළු එම ප්‍රදේශයේ සංචාරකයන්ට පැමිණ නැරඹීමට කිසිවක් නැතැයි ද හෙතෙම අවධාරණය කළේය.

කෙසේ වුවද කාන්තන්කුඩි නගරයේ සිංහල භාෂාවෙන් නාම පුවරු නොමැති බව ද ඉංගිරිසි අරාබි සහ දෙමළ භාෂා පුවරු පමණක් දැකිය හැකි බවත් හෙතෙම සඳහන් කළේය.

මේ අතර ඊට පෙර පාස්කු තේරීම් කමිටුව හමුවේ සාක්ෂි දුන් නැඟෙනහිර පළාත් හිටපු ආණ්ඩුකාර එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලා ප්‍රකාශ කළේ සංචාරක ආකර්ශනය සඳහා අරාබි නාම පුවරු සවි කළ බවත් එය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව තහනම් නොමැති බවත්ය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස