හිඟුරක්ගොඩ විදුහල්පති චීවරදාරියාගෙන් දරුවන්ට අතවර….! පොලිසිය ළමයි කෙළෙසූ චීවරධාරියා රකී…..!

July 31, 2021 at 7:58 am | by emanisa.lk

හිඟුරක්ගොඩ ප්‍රදේශයේ පාසලක විදුහල්පති භික්ෂුව විසින් පාසලේ දරුවන්ව අපයෝජනයට ලක්කරන බවට චෝදනා කරමින් එම පාසලේ දෙමව්පියන් ඊයේ (30) හිඟුරක්ගොඩ නගරයේදී විරෝධතාවක් පවත්වා තිබේ.

ගිරිතලේ සුජාත නම් අදාළ භික්ෂුව අත්අඩංගුවට ගැනීමට පොලිසිය ක්‍රියා නොකරන බවටත් ඒ වෙනුවට පැමිණිලි කරන දෙමාපියන්ට විවිධ අඩන්තේට්ටම් කරන බවටත් පාසල් දොමාපියෝ චෝදනා කරති.

තමන්ව පන්සලේ ආවාසයට ගෙන්වා ගෙන අපයෝජනයට ලක් කළ බවට 15 හැවිරිදි සිසුවෙකු විසින් පැමිණිල්ලක් ද කළ පසු පැමිණිලි පාර්ශ්වය පැය 6ක් තිස්සේ පොලිසියෙහි රඳවා තබා ගෙන චූදිත භික්ෂුවට ප්‍රදේශයෙන් පැන යෑමට පොලිසිය ඉඩ ලබාදුන් බවට ද චෝදනා එල්ල වෙයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස