බොහෝ පිරිසක් සිය පක්ෂයට උදව් කිරීමට විමසන බව ජාතික ජන බලවේගයේ විධායක සභික කේ.ඩී. ලාල්කාන්ත පවසයි.
ඔහු සඳහන් කළේ, තමන් එම උදව් ප්‍රතික්ෂේප කොට මෙය තමන්ගේ කාර්යක් ලෙස සලකා කටයුතු කරන ලෙස ඔවුන්ට දැනුම් දුන් බවයි.
කෙසේ වුව ද හෙද සමුළුවට පැමිණි පිරිස රු. දහස බැගින් එකතු කර ලබා දෙන්නේ නම් තමන් ප්‍රතික්ෂේප නොකරන බව ද ලාල්කාන්ත ප්‍රකාශ කරයි.
එසේ ලබා දෙන මුදල් තෙල් ගැසීමට හෝ වෙන වැඩකට යොදා ගත හැකි බව ද ඔහු වැඩි දුරටත් කීය.
කේ.ඩී. ලාල්කාන්ත මේ බව ප්‍රකාශ කළේ, ඊයේ (28) මහරගම පැවැති එම පක්ෂයේ ජාතික හෙද සමුළුව අමතමිනි.