හැමෝටම පුංචි කාර් ගන්න එජාපට ආණ්ඩුවක් ඉල්ලූ පුංචි අක්කා WagonR එකක් කුළියට සොයයි!

April 11, 2019 at 7:02 pm | by admin

පසුගිය මැතිවරණ සමයේ එක්සත් ජාතික පක්ෂ පංචවිධ ක්‍රියාවලිය යටතේ සියලු දෙනාට කාරයක් මිලයට ගත හැකි බව සඳහන් වූ සුප්‍රකට මැතිවරණ ප්‍රචාරක දැන්වීමේ පෙනී සිටි සසනිකා ජයලත් කුළි පදනම යටතේ වැගන් ආර් වර්ගයේ කාරයක් ලබා ගැනීම සඳහා ෆේස්බුක් ගෘප් එකකට යොමු කළ සටහනක් මේ වන විට සමාජජාලාවල සැරිසරයි.

සියලු දෙනාට කාරයක් මිලයට ගත හැකි ආර්ථිකයක් ගොඩනැගීම සඳහා බලය ඉල්ලා සිටි යහපාලන ආණ්ඩුව සෑම වර්ෂයක් පාසාම වාහන බදු ඉහළ දැමීම නිසා එම වෙළෙඳ දැන්වීම මෙන්ම ඊට පෙනී සිටි සසනිකා ද බොහෝ දෙනාගේ උපහාසයට ලක්වෙයි.

සසනිකා සොයන ශ්‍රී ලංකාවේ අතිශය ජනප්‍රිය වැගන් ආර් වර්ගයේ කාර් ආනයනය ද 2019 අයවැය සමග නතර කර දැමුවේ ඊට පැනවූ රු. 125000ක අතිරේක බදු මුදල නිසාය. රාජපක්ෂ පාලන සමයේ රු. 825 000ක් වූ වැගන් ආර් කාරය වසර තුනක් තුළ 16 25000 දක්වා ඉහළ නංවා ඇත. මේ වන විට ටොයෝටා සමාගම නිපදවන වාහනයකින් සමාගම මෙන් කිහිප ගුණයක ආදායමක් ශ්‍රී ලංකා ආණ්ඩුව ලබයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *