හැමදාම රිවර්ස් කරන ආණ්ඩුව ම රිවර්ස් කරන දවස අදයි…! – හරීන්….

November 16, 2021 at 3:42 pm | by emanisa.lk

තමන් ආරම්භ කරන සියලු කටයුතු රිවර්ස් කරන ආණ්ඩුවේ ගමන විපක්ෂය රිවර්ස් කරන දවස අද (16) බව හරීන් ප්‍රනාන්දු පවසයි.

මේ වන විට රට පුරා විවිධ පළාත්වල සිට කොළඹ බලා ඇදෙන දහස් ගණනක් ජනතාවට පොලිසිය බාධා කරමින් ඇති බවට ද සමගි ජන බලවේග මන්ත්‍රීවරයා චෝදනා කරයි.

ලොකු ලොක්කන් තරු බලා ගෙන ලබා දෙන නියෝගවලට අනුව නොව තම හෘදය සාක්ෂිය අනුව කටයුතු කරන මෙන් ඔහු පහළ පොලිස් නිලධාරීන්ගෙන් ඉල්ලා සිටියේය.

කොළඹ දිස්ත්‍රික්කයේ ජනතාවට සිය කෑම පැය හෝ වෙන් කර උද්ඝෝෂණයට එකතු වන ලෙසත් රට පුරා ජනතාවට කෙසේ හෝ කොළඹට පැමිණෙන ලෙසත් හරීන් ප්‍රනාන්දු දැනුම් දුන්නේ ය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *