හැකි නම් බලපත්‍ර අහෝසි කරනු…! ඇමැතිගේ තර්ජනවලට අපි බය නෑ…! – පෞද්ගලික ටැංකි හිමියෝ…

May 1, 2022 at 5:09 pm | by emanisa.lk

පෞද්ගලික ඉන්ධන ටැංකි රථ හිමියන්ගේ බලපත්‍ර හැකි නම් අහෝසි කර පෙන්වන ලෙස අභියෝග කරන බව ලංකා ඛනිජ තෙල් පෞද්ගලික ටැංකි රථ හිමියන්ගේ සංගමයේ සම ලේකම් ඩී. වී. ශාන්ත සිල්වා පවසයි.

ලංකා ඛනිජ තෙල් පෞද්ගලික ටැංකි රථ හිමියන්ගේ සංගමය බලශක්ති අමාත්‍යවරයාගේ තර්ජනවලට බිය නොවන බවත් හෙතෙම අවධාරණය කරයි.

නව බලපත්‍ර ලබාදෙන්නේ යැයි කියන සුරංගනා කථාවලට ටැංකි රථ හිමියන් බිය නොවන බවත් නව බලපත්‍රයක් ගෙන ටැංකි රථයක් ධාවනයට එක්කිරීමට අඩුම තරමින් මාස හයක්වත් ගතවන බවත් ශාන්ත සිල්වා කීය.

ඛනිජ තෙල් සංස්ථාවේ නිලධාරීන් ඇමතිවරයාව නොමඟ යවලා තිබීම නිසා එතුමා ගැන කණගාටු වන බව කී ශාන්ත සිල්වා ටැංකි රථ හිමියන් සියලු දෙනා බපත්‍රය විකුණා මුදල් බැංකුවේ තැම්පත් කර ජීවත්වීමට සූදානම් බව ද සඳහන් කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *