හැකි නම් ගුරුවරයෙකුගේ ලේ බිඳක් සොලවනු…! 21 අපේ දැවැන්ත ශක්තිය පෙන්වන්න සූදානම්…! – මහින්ද ජයසිංහ….

October 18, 2021 at 9:21 am | by emanisa.lk

එළැඹෙන 21 වැනිදා පාසල් පැමිණෙන්නේ ද නැද්ද යන්න සම්බන්ධයෙන් වන තීරණය ගුරු හා විදුහල්පති වෘත්තිය සංගම් අද (18) ප්‍රකාශයට පත් කරයි.

එදිනට දැවැන්ත වෘත්තිය ක්‍රියාමාර්ගයක් ගැනීමට නියමිත බව ලංකා ගුරුසේවා සංගමයේ ප්‍රධාන ලේකම් මහින්ද ජයසිංහ පැවසීය.

“මේ මොහොතේ හැකි නම් එක් ගුරුවරයකුගේ හෝ විදුහල්පතිවරයකුගේ සීරීමක් හෝ ඇති කරන ලෙස තමන් අභියෝග කරන බවත් එවිට ගුරු සහ විදුහල්පතිවරුන්ගේ බලය හා ශක්තිය පෙන්වීමට සූදානම් බවත් සියලු දුෂ්ට බලවේගවලට යටත් නොවී එළඹෙන විසිඑක් වැනි දින ප්‍රබල ක්‍රියාමාර්ගයක් ගනු ලබන බවත් හෙතෙම වැඩිදුරටත් සඳහන් කළේය.

ගුරු විදුහල්පතිවරුන්ට මේ වන විට විවිධාකාරයෙන් තර්ජන හා බලපෑම් එල්ල වෙමින් පවතින බවත් එවැනි තර්ජන හා බියගැන්වීම්වලට කිසිදු ආකාරයකින් සන්ධානයේ වෘත්තිය ක්‍රියාමාර්ග මර්දනය කිරීමට නොහැකි වන බවත් එවැනි කටයුතුවලින් සිදුවන්නේ වෘත්තිය ක්‍රියාමාර්ග තව තවත් ශක්තිමත් වන බවත් කී මහින්ද ජයසිංහ 21 වැනිදා පාසල් පැමිණීම සම්බන්ධයෙන් පොලිසිය ද විමසීම් කරන තත්ත්වයක් උද්ගතව ඇතැයි සඳහන් කළේය.

කොළඹ ගුරු මැදුර ශාලාවේ ඊයේ (17 ) පැවැති මාධ්‍ය හමුවක දී මේ බව සඳහන් කළේ ය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *