හාල් මිල රු. 20කින් අඩු කරන්න පුළුවන්…! – සිරිපාල ගම්ලත්..

July 20, 2021 at 3:44 pm | by emanisa.lk

යළ කන්නයේ අස්වැන්න ලැබීමත් සමඟ සහල් කිලෝවක මිල රුපියල් 20 කට වඩා අඩු කළ හැකි යැයි මහවැලි කළාප ආශ්‍රිත ඇලවේලි හා ජනාවාස, පොදු යටිතල පහසුකම් රාජ්‍ය අමාත්‍ය සිරිපාල ගම්ලත් පවසයි.

යළ කන්නේ අස්වැන්න මේ දිනවල නෙළමින් තිබීමෙන් අලුතින් වෙළෙඳපොළට එන හාල් කිලෝවක් රුපියල් 20 කටත් වඩා අඩුවෙන් ලබාදීමට හැකි යැයි කී අමාත්‍යවරයා මේ වන විටත් රුපියල් 190 සිට 100 දක්වා හාල් මිල අඩු වී ඇති බව සඳහන් කළේය.

වී තොග රැස්කිරීමට බැංකුවලින් ණය දීමේ ප්‍රතිඵලයක් හැටියට තරගයක් ඇතිවීමෙන් වී වැඩි මිලට ගත්ත අයට සහල් අඩු මිලට අළෙවි කළ නොහැකි වී ඇති බවත් පරණ වීවලින් නිපදවන හාල් තවමත් රුපියල් 20 ක් 25 ක් වැඩි බවත් අමාත්‍යවරයා කීය.

බත්තරමුල්ල, නෙළුම් මාවත පොදුජන පෙරමුණ පක්‍ෂ කාර්යාලයේදී අද (20) පැවැති මාධ්‍ය හමුවේදී රාජ්‍ය අමාත්‍ය සිරිපාල ගම්ලත් එසේ පැවසීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *