හාමුදුරුවරු කාන්තාවන්ට ගණිකාවෝ කියන එක ද සංස්කෘතිය…! – ඩයනා ආනන්දසාගර හිමි අමතයි…….

September 21, 2022 at 8:21 pm | by emanisa.lk

රටේ දියුණුව සඳහා කිසියම් තීන්දුවක් ගන්න උත්සාහ කරන සෑම අවස්ථාවක ම දෙදහස් පන්සිය වසරක උරුමය සහ බුද්ධාගම ඉදිරියට දමා එය විනාශ කර දැමීමට කටයුතු කරමින් ඇතැයි සංචාරක රාජ්‍ය ඇමැතිනී ඩයනා ගමගේ චෝදනා කරයි.

භික්ෂූන් වහන්සේලා මාධ්‍ය ඉදිරියට පැමිණ කාන්තාවකට ගණිකාව යැයි නින්දා කිරීම සංස්කෘතිය දැයි රාජ්‍ය ඇමැතිනිය ප්‍රශ්න කරයි.

කෙතරම් මඩ අවලාද නැඟුව ද තමා ඉන් පසු නොබසින බවත් දියෙහි ඔබන ටෙනිස් බෝලයක් මෙන් නැවත උඩ මතුවන බවත් රාජ්‍ය ඇමැතිවරිය අවධාරණය කරයි.

ඖෂධයක් වන ගංජා වගා කළ යුත්තේ මත්ද්‍රව්‍යයක් පානය කර පාරේ ඇවිදීමට නොව අපනයනය කර විදේශ විනිමය උපයා ගැනීමට බවත් රාත්‍රි ජීවිතය යනු ගණිකා වෘත්තිය නොව ඉන් එහා ගිය එකක් බවත් ඩයනා ගමගේ සඳහන් කළාය.

ගංජා අපේ රටේ සංස්කෘතිය සමග වසර දෙදහස් පන්සියයක් නොව වසර 6000ක් පැවැති බවත් රාවනා රජ සමයේ පවා එය භාවිත වූ බවත් ඇමැතිවරයා පෙන්වා දුන්නාය.

1961 කිරිල්ලවල විමලඥාන හිමියන් ගංජා වගාව විනාශ නොකරන ලෙස ඉල්ලා සටන් කළ බවත් ඇය වැඩි දුරටත් ප්‍රකාශ කළාය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *