හාමුදුරුවන්ගේ වගකීම පාලකයන්ට අනුශාසනා කිරීම මිස පාර්ලිමේන්තු යාම නෙමේ! පිං සිද්ධ වෙයි හාමුදුරුවරුන්ට ඡන්දේ දෙන්න එපා! – මිහින්තලාව විහාරාධිපති නාහිමි (video)

July 2, 2020 at 10:43 am | by emanisa.lk

එළඹෙන මහ මැතිවරණය සඳහා භික්ෂූන් වහන්සේලාට නාම යෝජනා ලබා දීම හෝ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර සඳහා පත් කිරීම සිදු නොකරන ලෙස තෛනිකායික මහා නායක භික්ෂූන් වහන්සේලා සියලුම දේශපාලන පක්ෂවලින් ඉල්ලා සිටි බව මිහින්තලේ රජමහ විහාරාධිපති ආචාර්ය වලවාහැංගුණවැවේ ධම්මරතන හිමි පවසයි.

කෙසේ වුවද භික්ෂූන් වහන්සේලා පිරිසක් මේ නිසා ම වෙනම පක්ෂ හදා ගෙන මැතිවරණයට ඉදිරිපත් වී ඇතැයි එහිමියන් පෙන්වා දෙයි. මෙය තෛනිකායික මහා නායක හිමිවරුන්ගේ මතයට ගරු නොකර අත්තනෝමතික ලෙස කටයුතු කිරීමක් බව ද ධම්මරතන හිමි අවධාරණය කරයි.

භික්ෂූන් වහන්සේලාගේ වගකීම පාලකයන්ට අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කිරීම මිස රාජ්‍ය පාලනයට සම්බන්ධ වීම නොවන හෝ පාර්ලිමේන්තු යාම නොවන බව ආචාර්ය ධම්මරතන හිමි පෙන්වා දෙයි.

එහෙයින් මහා සංඝ රත්නයට සිව්පසයෙන් ඇප උපස්ථාන කරමින් රැකබලා ගන්නා ලෙසත් කිසිම භික්ෂූන් වහන්සේ නමකට සිය ඡන්දය ලබා නොදෙන ලෙසත් මිහින්තලේ විහාරාධිපති හිමි ජනතාවගෙන් ඉල්ලා සිටියි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස