හලාවත උණුසුම් කර රටක් කැළඹු ෆේස්බුක් සටහන මෙන්න! සටහන තැබූ ව්‍යාපාරිකයා අත්අඩංගුවට!

May 12, 2019 at 4:50 pm | by admin

හලාවත ප‍්‍රදේශයේ ඇතිවූ නොසක්සුන්තාවට හේතුව හලාවත නගරයේ ව්‍යාපාරිකයෙකු විසින් ෆේස්බුක් ජාලයට එක් කර තිබූ සටහනක් බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පවසයි.

එම සටහන දැමූ පුද්ගලයා මේ වන විට පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ. හම්සාර් හමීඩ් නම් රෙදිපිලි ව්‍යාපාරිකයෙකු විසින් තබා තිබූ සටහනේ දැක්වුණේ ‘සිනාසෙන්න එපා.. දවසකට අඬන්න වෙයි’ ලෙසයි.

කෙසේ වුවද මෙම සටහන පිළිබඳ පොලිසිය දැනුම්වත් කළ විට ඊට එරෙහිව පැමිණිලිල්ලක් සටහන් කරගෙන අදාළ පියවර නොගැනීම නිසා ජනතාව අතර මෙම උණුසුම්කාරි වාතාවරණයක් ඇති වූ බව වාර්තා විය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *