හරීන් මනූෂ චමින්ද මහා විනාශයක් සැලසුම් කරලා..! සෙංකෝලය පැහැරගෙන උද්ඝෝෂකයින් අතරට යන්න හදල…!

May 7, 2022 at 7:14 pm | by emanisa.lk

විපක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් සෙංකෝලය පැහැරගෙන පාලිමේන්තුව අවට උද්ඝෝෂණකරුවන් රැඳී සිටි ස්ථානයකට රැගෙන යෑමේ උත්සාහයක් තිබී ඇතැයි රජයේ බුද්ධි අංශ වාර්තා කර තිබේ.

මේ සම්බන්ධයෙන් පාර්ලිමේන්තු ප්‍රධානීන් විශේෂ අවධානය යොමු කර ඇත.

හරීන් ප්‍රනාන්දු, මනුෂ නානායක්කාර, චමින්ද විජේසිරි ඇතුළු මන්ත්‍රීවරු කිහිප දෙනෙක් පාර්ලිමේන්තුවේ දී ඊයේ පස්වරුවේ ඇති වූ සිද්ධියක දී වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු පසෙකට තල්ලු කර සෙංකෝලය පැහැර ගැනීමට උත්සාහ දැරූහ

මේ අවස්ථාවේදී ඇතිවූ පොරකෑම නිසා වේත්‍රධාරිවරයා සහ නියෝජ්‍ය වේත්‍රධාරිවරයා සෙංකෝලය ද සමග බිම ඇද වැටිණි. අනතුරුව ඒ මන්ත්‍රීවරු පිරිස කතානායකවරයා නිවාස අඩස්සියට ගන්නා බව පවසමින් ඔහුගේ කාමරයට දිව ගියහ.
කතානායක කාර්යාලයේදී හරීන් ප්‍රනාන්දු මන්ත්‍රීවරයා වේත්‍රධාරීවරයාට පහත් ආකාරයෙන් බැන වැදී ඇතැයි වාර්තා වේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *