හරීන් ප්‍රනාන්දුට වගේ බුද්ධි අංශ වාර්තා ලැබෙන තාත්තලා රටේ අනිත් ළමයින්ට නෑ! ඒ නිසා ආරක්ෂාව තහවුරු කරන තුරු දරුවෝ ඉස්කෝලේ එවන්නේ නෑ! – අන්තරේ

May 8, 2019 at 10:02 am | by admin

අධ්‍යාපන ඇමතිවරයා පාසල් ළමුන් පිළිබඳ වගකීම භාර නොගෙන එය විදුහල්පතිවරුන්ට පවරා අත පිසදාගත් බව අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය පවසයි.

ඇමති හරීන් ප්‍රනාන්දුට වැනි තාත්තලා මේ රටේ අහිංසක පාසල් ළමුන්ට නොමැති බවත් ඒ තාත්තලාට ආණ්ඩුවේ ඔත්තු සේවාවලින් තොරතුරු නොලැබෙන බවත් එහි කැඳවුම්කරු මහිල් බණ්ඩාර දෙහිදෙනිය පවසයි.

ඒ නිසා දෙමාපියන්ට ගුරුවරුන්ට සහ සමස්ත සමාජයට පාසල සුරක්ෂිතයි යන විශ්වාසය තහවුරු වන ආරක්ෂක වැඩපිළිවෙළක් අවශ්‍ය බව හෙතෙම අවධාරණය කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස