හරීන් නැවතත් කාදිනල්තුමාට නින්දා කරයි! සජිත්ගේ සමාව ඉල්ලීම පුස්සක් වෙයි!

June 24, 2020 at 7:14 am | by emanisa.lk

තමන් විසින් පසුගියදා අගරදගුරු තුමන් සම්බන්ධයෙන් සිදු කළ ප්‍රකාශයේ දී අගරදගුරු වෙනුවට ‘අදරදගුරු’ ලෙස පැවසීමෙන් සිදු වූ වරදට සමාව ගන්නේ යැයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සමගි ජන බලවේගය ජාතික ලැයිස්තු අපේක්ෂක හරීන් ප්‍රනාන්දු සඳහන් කළේය.

කොතරම් මඩ ගැසුවත් තමන්ගේ කට වසන්නේ නැති බවත් තමන් කිසිවකුට බිය නැති බවත් පැවසූ ඔහු ඉදිරි මැතිවරණයේදී සමගි ජනබලවේගයේ ජයග්‍රහණය තහවුරු කරන බවද පැවසීය.

තම දෙමාපියන් ඇත්ත ඇති සැටියෙන් දැකීමටත්, හරි දේ හරි ලෙස දැකීමටත් වැරදි දේ වැරදි ලෙස දැකීමටත් තමන්ට උගන්වා ඇතැයිද ඔහු සඳහන් කළේ ය.

ඔහු මේ බව කියා සිටියේ දී බදුල්ලේදී පැවති ජන හමුවක් අමතමිනි.

කෙසේ වුවද පසුගිය ජනාධිපතිවරණයේදී කාදිනල්තුමා දේශපාලනය කළ බවට වන ප්‍රකාශයට ඔහු සමාව නොගත් අතර එය නැවත තහවුරු කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස