හරීන් තරඟ නොකර සජිත්ගේ ජාතික ලැයිස්තුවට පනී! රහස මෙන්න…

March 15, 2020 at 10:58 pm | by emanisa.lk

හිටපු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මෙවර මහ මැතිවරණයට තරඟ නොකර සමගි ජන බලවේගයේ ජාතික ලැයිස්තුව ඔස්සේ පාර්ලිමේන්තුවට පැමිණීමට තීන්දු කර ඇතැයි වාර්තා වෙයි.

මෙවර මැතිවරණයේ දී එක් දිස්ත්‍රික්කයකට සීමා වී තරඟ කරනු වෙනුවට රට පුරා ගොස් ජනතාව ඇමතීම සඳහා කාලය ලබා ගැනීම මෙහි අරමුණ බව ඔහු පවසා තිබේ.

කෙසේ වුවද එම පක්ෂය තුළම තවත් පිරිසක් සාකච්ඡා කර ඇත්තේ මෙයට හේතුව පාස්කු ප්‍රහාරය පිළිබඳ සිය පියාගෙන් දැනගෙන තමන් පමණක් ආරක්ෂා වීම පිළිබඳ ජනතාව තුළ පවතින අප්‍රසාදය නිසා පරාජයට පත්වේයැයි බියට මෙලෙස ජාතික ලැයිස්තුවට රිංගාගත් බවය.

හරීන් ප්‍රනාන්දු බදුල්ල දිස්ත්‍රික්කය නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට පැමිණිය ද ගම්ගහ දිස්ත්‍රික්කයේ කතෝලිකයකු වන අතර පාස්කු ප්‍රහාරය අවස්ථාවේ ඔහුගේ ක්‍රියා කලාපය කාදිනල්තුමාගේ සිට බොහෝ දෙනාගේ දැඩි විවේචනයට පාත්‍ර විය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස