හරීන්ට ඉහෙන් බහින ලෙඩක් නෑ…! නවලෝකෙට රිංගුවේ නීතියෙන් ගැළවෙන්න…! – CIDයට පැමිණිල්ලක්…

April 26, 2021 at 9:30 pm | by emanisa.lk

පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දුට එරෙහිව ‍දේශප්‍රේමි එක්සත් ජාතික පක්ෂය අද (26) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ගොනු කර තිබේ.

ඒ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ කටඋත්තරයක් දෙන්නැයි දැනුම් දීමත් සමග හරීන් ප්‍රනාන්දු මන්ත්‍රීවරයා පෞද්ගලික රෝහලක සැඟව සිටින බවට චෝදනා කරමිනි.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවීමට පෙරදින හරීන් ප්‍රනාන්දු මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවේ ජවසම්පන්න නිරෝගී පුද්ගලයකු ලෙස හැසිරුණු බව පක්ෂයේ ප්‍රධාන ලේකම් සුගත් හේවාපතිරණ පෙන්වා දෙයි.

එහෙත් සැනෙකින් පෞද්ගලික රෝහලක දැඩි සත්කාර ඒකකයකට ඇතුළු වූයේ කෙසේදැයි රටට ම ප්‍රශ්නයක් යැයි ද ඔහු කර ඇති පැමිණිල්ලේ වැඩි දුරටත් සඳහන් වේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස