පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරයෙකු අදහස් දැක්වීම වරප්‍රසාද ලත් දෙයක් බවත් එය අභියෝගයට ලක් කිරීමට කිසිවෙකුට කළ නොහැකි බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසයි.
සමගි ජන බලවේගයේ අනාගත නායකයෙකු වන හරීන් ප්‍රනාන්දු පාර්ලිමේන්තුවේ සිදුකළ ප්‍රකාශයට එරෙහිව ජනාධිපතිවරයා සිදුකළ දරදඬු ප්‍රකාශය කිසිසේත් අනුමත කළ නොහැකි බවත් ඔහු සඳහන් කළේ ය.
හරීන් ප්‍රනාන්දුගේ පාර්ලිමේන්තු ප්‍රකාශයට එරෙහිව ප්‍රකාශයක් නිකුත් කිරීම ප්රජාතන්ත්රවාදයට මරු පහරක් බව ද විපක්ෂ නායකවරයා ප්‍රකාශ කළේ ය.
ප්රභාකරන් සහ හරීන් ප්‍රනාන්දු සමාන කළ නොහැකි බවත් ප්රභාකරන් මිනිමරුවෙක් වන අතර හරීන් ප්රජාතන්ත්රවාදියෙක් බවත් හෙතෙම අවධාරණය කළේ ය.
හරීන් ප්‍රනාන්දුගේ ජීවිතයට අද තර්ජනයක් එල්ල වී ඇති බවත් ඔහුගේ මයිල් ගහකටවත් හානියක් සිදුවුවහොත් ඊට ජනාධිපතිවරයා සහ රජය වගකිව යුතු බවත් සජිත් ප්‍රේමදාස සඳහන් කළේ ය.
හරීන්ට එල්ල වූ තර්ජනය තමන්ට එල්ල වූ තර්ජනයක් ලෙස සලකන බවත් දින 365 පැය 24 පුරා ඔහුගේ ආරක්ෂාව වෙනුවෙන් පෙනී සිටින බවත් ඔහු වැඩි දුරටත් අවධාරණය කළේ ය.