හරි ගෝඨාභය හැප්පිලා බලමු….! අපි ගැන විමර්ශන කරන්න ලේස්ති වෙන්න එපා..! එහෙම කළොත් රාජපක්ෂලගේ දූෂණ හෙළි කරනවා….! – අනුර…

February 19, 2021 at 12:12 pm | by emanisa.lk

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ තමන් සමඟ මුහුණට මුහුණ හැප්පීමට පැමිණ ඇතැයි ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර දිසානායක පවසයි.

ඒ විශේෂ ජනාධිපති කොමිසම ඉදිරියට තමා කැඳවීම ඔස්සේ බව ද ජවිපෙ නායකයා සඳහන් කරයි.

“හරි ගෝඨාභය හැප්පිලා බලමු. රැස්කරන්න කොමිසම. දොරවල් වහගෙන නෙමෙයි, මහජනයා ඉදිරියේ රැස්කරන්න.

ඔයාගේ, ඔයාගේ අයියාගේ, බාල මල්ලිගේ, මස්සිනාලගේ, අලුත් මස්සිනාලගේ, නාමල්ගේ මාමගේ, රෝහිතගේ මාමාගේ ගනුදෙනු ඔක්කොම අපි බේරගන්න ලැස්තියි.”

කැකිල්ලේ කොමිසම් විගඩමට එරෙහි විරෝධතා රැලිය ඊයේ (18) කොළඹ හයිඩ් පිටියේ දී අමතමින් ඔහු මේ බව කියා සිටියේ ය.

Loading

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *