හරින් කැබිනට් ඇමතිට පහර දීලා! සජිත් පිල ජය පැන් බොයි!

September 20, 2019 at 2:02 pm | by emanisa.lk

ඊයේ (19) දිනට පෙර පැවති කැබිනට් රැස්වීමේදී අමාත්‍ය හරීන් ප්‍රනාන්දු විසින් තවත් ප්‍රබල කැබිනට් අමාත්‍යවරයෙකුට පහර දුන් බව සමාජජාල වෙබ් අඩවිවල වාර්තා පළවෙයි.

එම රැස්වීමට සහභාගි වූ අමාත්‍යවරයෙකු පවසා ඇත්තේ යම් සිදුවීමක් සිදු වූ බවත් එම අවස්ථාවේ අතිශය උණුසුම් තත්ත්වයක් ඇති වූ බවත්ය.

එම අවස්ථාවේදී පරුෂ වචනයෙන් බැනගත් බවට හෝ පහරදීමක් සිදුවූ දැයි තහවුරු කිරීමට නොහැකි බව ද ඔහු කියා සිටියේය.

මෙම සිදුවීම සම්බන්ධයෙන් සජිත් ප්‍රේමදාසගේ පාර්ශවයේ සමාජාජාලා ක‍්‍රියාකාරීන් ඇමති හරීන් ප‍්‍රනාන්දුට සුබ පැතුම් එක්කරමින් සිටිනු දැකිය හැකිය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස