පොහොර ආනයනයේ දී ආණ්ඩුව අනුගමනය කළ ප්‍රතිපත්තිය නිසා රාජතාන්ත්‍රික අර්බුදයක් නිර්මාණය වී ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසයි.
ශාඛ නිරෝධායන සේවය නුසුදුසු යැයි තීන්දු කළ පොහොර අපේ රටට බලහත්කාරයෙන් ලබා දීමට කටයුතු කරමින් ඇතැයි ද හෙතෙම චෝදනා කරයි.
විපක්ෂ නායකවරයා අනාවරණය කරන්නේ මේ වන විට හරවා යැවූ පොහොර නැව නම මාරු කරගෙන නැවත ශ්‍රී ලංකාවට පැමිණෙමින් ඇති බවය.
බහුජාතික සමාගමක් සෛවරී රටකට මෙලෙස බලපෑම් කරන්නේ කෙසේ දැයි සජිත් ප්‍රේමදාස ප්‍රශ්න කරයි.
පොහොර පිස්සුවක් නටන්නට ගොස් අපේ රට සමග සුහදව කටයුතු කළ රටවල් ගණනාවක් අමනාප කර නෙ ඇති බවත් මේ රට භූ දේශපාලනයේ කෙළිබිමක් කිරීමට ඉඩදිය නොහැකි බවත් හෙතෙම වැඩි දුරටත් ප්‍රකාශ කළේය.