විරුද්ධ පක්ෂය වශයෙන් පැහැදිලි ලෙසම පොඩි මිනිසුන් වෙනුවෙන් පෙනී සිටින බව සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස පවසයි.
සෑම පවුලකටම රු. 20 000 ක මුදලක් ලබා දීමට කටයුතු කරන ලෙසත් රැකියා අහිමි වු කම්කරුවන්ට ආධාර ලබා දීමට කටයුතු කරන ලෙස ද හෙතෙම රජයෙන් ඉල්ලා සිටියේය.
සමස්ත ජන පරපුරේ හඬ බවට විපක්ෂය පත්වන බවද පැවසූ හෙතෙස ජනතාවගේ කරපිට පටවන්නට සුදානම් වන පීඩනයට විරුද්ධව ප්‍රජාතන්ත්‍රවාදී වීදි සටන් රැසක් ඉදිරියේ දී ක්‍රියාත්මක කරන බවද කියා සිටියේය.
පීඩනකාරී ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරනවා වෙනුවට ජනතාවට සහන ලබා දෙන්නැයි වත්මන් රජයට බලකර සිටින බවත් සජිත් ප්‍රේමදාස අවධාරණය කරයි.
මේ මොහොතේ අධිවේගී මාර්ග ඕන නැති බවත් අවශ්‍ය වන්නේ ජනතාවට නැඟිටීමට අත දීම බවද ඔහු කියා සිටියේය.