හමුදා නායකයන්ට ඡන්දේ ඉල්ලන්න දීම මිලිටරි ත්‍රස්තවාදයක්! – තුෂාර ඉඳුනිල්

December 10, 2019 at 8:51 am | by emanisalk

රාජ්‍ය සේවයේ ඉහළ පුටු සඳහා විශ්‍රාමික හමුදා නිලධාරීන් පත් කිරීම මේ වන විට සිදුවන බව එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී තුෂාර ඉඳුනිල් පවසයි.

“මේ රාජ්‍ය ව්‍යුහය තුළ, රාජ්‍ය පද්ධතිය තුළ විශාල වෙනස්කම් රාශියක් කරගෙන යනවා. අපට පෙනෙන ප්‍රධානතම වෙනස්කමක් තමයි මුල් පුටුවලට හමුදාවල විශ්‍රාමික ඉහළ නිලධාරීන් තමයි පත් කරමින් යන්නෙ. සිවිල් සේවයේ ඉන්න ඒ ඒ වෘත්තීන් පිළිබඳ විශේෂ හැකියාවක් තියෙන අය පැත්තකට දමලා මිලිටරිකරණය වෙච්ච මානසිකත්වයක් තියෙන හමුදා ප්‍රධානීන් ටික තමයි දැන් මේ පුටුවල ඉන්දවමින් ඉන්දවමින් යන්නේ.

හමුදා පාලනයක් හා සමාන දරදඬු පාලනයකට අරන් යන කටයුත්තට මූලික අඩිතාලමක් තමයි මේ දමමින් දමමින් ඉන්නේ. පාර්ලිමේන්තු මැතිවරණයට මිලිටරි නායකයින් විශාල ප්‍රමාණයකට නාමයෝජනා දීලා ඒ අය පාර්ලිමේන්තුවට ගෙනල්ලා තමන් ප්‍රිය කරන මිලිටරි ත්‍රස්තවාදයක් කරා ගෙනයන්න හදනවාය කියන කාරණය අවධානයට යොමු කරන්න ලෑස්තියි”

තුෂාර ඉඳුනිල් මේ බව පැවසුවේ ඊයේ (09) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

  •   
  •   


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස