හමුදා කඳවුරු සහ රෝහල්වලට පහරදෙන බවට දුරකතන ඇමතුමක් දුන් හමුදා කපිතාන් අල්ලයි!

May 13, 2019 at 12:33 pm | by admin

මත්තේගොඩ යුධ හමුදා කඳවුරට සහ කළුබෝවිල ශික්ෂණ රෝහලට ත්‍රස්තවාදී ප්‍රහාරයක් එල්ල කරන බවට, දුරකථන ඇමතුමක් ලබාදුන් එම කඳවුරේම සේවයේ නියුතු ඉංජිනේරු බළකා කපිතාන්වරයෙකු අත්අඩංගුවට ගත් බව මත්තේගොඩ පොලීසිය පවසයි.

ජංගම දුරකථනයකින් ලබා දී තිබූ මෙම තොරතුරු පිළිබඳව බස්නාහිර පළාත් බුද්ධි කොට්ඨාසයේ නිලධාරියෙක් එම කඳවුර හරහා දැනගත් සැණින්, ඒ පිළිබඳව මත්තේගොඩ පොලිස් ස්ථානාධිපතිවරයාට සහ බුද්ධි කොට්ඨාස අධ්‍යක්ෂවරයාට දන්වා, එම නිලධාරීන්ගේ උපදෙස් මත වහාම විමර්ශනයක් ආරම්භ කර තිබුණි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *