හමුදා ආහාර සලාක මුදල වැටුපට එකතු කරයි…!

August 30, 2024 at 9:04 am | by emanisa.lk

හමුදා සාමාජිකයින්ට ලබා දෙන ආහාර වේල් සලාක මුදල ලබන ජනවාරියේ සිට ඔවුන්ගේ මාසික වැටුපට එක් කිරීමට තීරණය කර ඇතැයි ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් පවසයි.

එමෙන්ම ඔවුනට අවශ්‍ය ආහාර හමුදාවෙන්ම සහනදායි මිලකට ගැනීමට වැඩපිළිවෙළක්ද හඳුන්වා දෙන බව ද රාජ්‍ය ආරක්ෂක අමාත්‍යවරයා සඳහන් කළේය.

ඊයේ (29) පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී හෙතෙම මේ බව ප්‍රකාශ කළේය.

මෙමගින් හමුදා සාමාජිකයින්ගේ මූල්‍ය ශක්තිය වඩාත් ස්ථාවර වීම පමණක් නොව මූල්‍ය විනිවිදභාවය සහ වගවීම වඩාත් තීව්‍ර වනු ඇතැයි ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් පෙන්වා දුන්නේය.

මෙම නව තීරණයෙන් ත්‍රිවිධ හමුදා සාමාජිකයන් පනස් පන්දහසකට පමණ සෙත සැලසෙනු ඇතැයි රජය විශ්වාස කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *