හමුදාව යුද අපරාධ කළේ නෑ! සෙබළු අත්අඩංගුවට ගැනීමෙන් සංහිඳියාව ලැබෙන්නෙත් නෑ! – හිටපු හමුදාපති

February 21, 2019 at 3:22 am | by admin

හමුදා සෙබළුන් අත්අඩංගුවට ගෙන කෙටි ක්‍රම තුළින් රට තුළ සාමය හා සංහිඳියාව ඇති කළ නොහැකි බව විශ්‍රාමික හමුදාපති දයා රත්නායක මහතා සඳහන් කළේය.

ඒ සඳහා සියලු දෙනා කැපකිරීම් සිදුකළ යුතු බවත්, හමුදා සෙබළුන් වරදක් කර ඇත්නම් ඒ සඳහා දඬුවම් කිරීම ක්‍රමවේදයකට සිදුකළ යුතු බවත් අද (20දා) දින පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී හෙතෙම සඳහන් කළේය.

තිස් අවුරුදු යුද්ධය අවසන් කළේ ආරක්ෂක අංශ සාමාජිකයන් තිස්දහසක් ජීවිත පූජා කර, හතළිස්දහසක් ශරීර කොටස් පූජා කර, ලක්ෂ ගණන් දායකත්වය ලබාදීමෙන් බවද විශ්‍රාමික හමුදාපතිවරයා කියා සිටියේය.

පටු දේශපාලන අරමුණු දිනා ගැනීම උදෙසා සුමන්දිරන්ලා ශ්‍රී ලංකා රජයට සහ හමුදාවට චෝදනා එල්ල කරන බව ද ඒ පිළිබඳ තමා හොඳ අවබෝධයකින් සිටින බව ද හෙතෙම පෙන්වා දුන්නේය.

මේ වන විට යුද හා නාවික හමුදා නිලධාරීන් 15ක් හා සෙසු නිලයන්වල පිරිස් 35ක් අත්අඩංගුවට ගෙන තිබෙන බවත්, යුද හමුදා සාමාජිකයන් 704කින් ප්‍රකාශ ලබා ගෙන තිබෙන බවත් ඔහු සඳහන් කළේය.

මේ වන විට හිටපු හමුදාපති සරත් ෆොන්සේකා දේශපාලනයට පිවිස වෙනත් මාර්ගයක ගමන් කරන බව පෙනෙන්නේ යැයි ද හිටපු හමුදාපති රත්නායක ප්‍රකාශ කළේ මාධ්‍ය නැඟූ පැනයකට පිළිතුරු දෙමිනි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *