හමුදාව පොලිසිය අරගලය සමග සිටගන්න…! – අනුර…

July 13, 2022 at 1:37 pm | by emanisa.lk

රට මුහුණපෑ දැඩි ආර්ථික අර්බුදය හමුවේ ජනතාව පාලකයින්ට එරෙහිව නැඟී සිටීම සාධාරණ බවත් එසේ නැගී නොසිටියේ නම් මේ රටේ ජනතාව නිවටයින් බවත් ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර දිසානායක පවසයි.

එම ජන හඬට ඇහුම්කන් දීම වෙනුවට ව්‍යවස්ථාවට මුවා වී ජනතාව මර්දනයට මේ වන විට ආණ්ඩුව සැලසුම් කරමින් ඇතැයි ද ඔහු පෙන්වා දෙයි.

බස්නාහිරට ඇඳරි නීතිය ද රට පුරා හදිසි නීතිය ද පනවමින් අගමැතිවරයා ඉතා භයානක කටයුත්තක් සඳහා සූදානම් වන බව ද අනුර දිසානායක සඳහන් කරයි.

මේ අවස්ථාවේ ආරක්ෂක හමුදාව සහ පොලිසිය ජනතා සමග සිටගත යුතු බව ද රටේ අනාගතය රැඳී ඇත්තේ ආරක්ෂක අංශ මත බව ද ජවිපෙ නායකයා වැඩි දුරටත් ප්‍රකාශ කරයි.

අද (13) විශේෂ ප්‍රකාශයක් කරමින් අනුර දිසානායක මේ බව අවධාරණය කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *