හමුදාව පාව දෙන්නම ඕන! නැත්නම් ජාත්‍යන්තර අධිකරණයට යන්න වෙයි!

April 6, 2019 at 10:47 am | by admin

එල්ල වී ඇති යුද අපරාධ චෝදනා ගැන විභාග නොකළහොත් ආරක්‌ෂක හමුදා සාමාජිකයන්ට එරෙහිව ජාත්‍යන්තර අධිකරණ ක්‍රියාමාර්ග ගැනීමේ අවදානමක්‌ ඇතැයි ඇමැති මංගල සමරවීර රජයට අනතුරු අඟවා ඇත.

මේ නිසා නැගී ඇති චෝදනා විමර්ශනය කර සාධාරණත්වය ඉටුකිරීම ආරක්‌ෂක හමුදා සාමාජිකයන්ට සහ සියලු පුරවැසියන් වෙනුවෙන් සිදුවිය යුතු බවද පවසන ඇමතිවරයා නොඑසේ නම් අපරාධ පිළිබඳ වගකිවයුතු අය ලෙස නම් කර ඇති පුද්ගලයන්ට තම ජීවිත කාලය පුරා එම චෝදනාවල පීඩාව සිත් තුළ දරාගෙන ජීවත් වීමට සිදුවන බවද කියා සිටී.

මේ නිසා අධිකරණ ක්‍රියාමාර්ග ගැනීම ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවට ඉඳුරාම අනුකූල පියවරක්‌ බවද සමරවීර මහතා සඳහන් කරයි.

ශ්‍රී ලංකා හමුදාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් රැසකට එල්ල වී ඇති යුද අපරාධ චෝදනා සම්බන්ධයෙන් ඔවුන් අත්අඩංගුවට ගත යුතු බවට මානව හිමිකම් කොමසාරිස්‌ මිචෙල් බැචලට්‌ නියෝග කර තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස