හමුදාව නැත්නම් කොවිඩ් නිසා රට ම විනාශ වෙලා…! හමුදාව කරන සේවය අපි අගය කරනවා…! – සරත් ෆොන්සේකා….

August 18, 2021 at 10:13 am | by emanisa.lk

යුද හමුදාවේ මැදිහත් වීම නොමැති නම් කොවිඩ් වසංගතය මේ වන විට කිසිවෙකුට පාලනය කරත නොහැකි තත්ත්වයට පත්ව අවසන් බව පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා පවසයි.

එහෙයින් බොරුවට ත්‍රිවිධ හමුදාවට මඩ නොගැසිය යුතු බව ද මන්ත්‍රීවරයා අවධාරණය කරයි.

හමුදාව දුටු විට කහඹිලියා ගෑවුණා සේ දැනෙන පිරිස නිකරුණේ දොඩවන බවත් සරත් ෆොන්සේකා සඳහන් කරයි.

කෙසේ වුව ද හමුදාව කොවිඩ් මර්දනයෙහිලා සිදුකරන සේවය තමන් අගය කරන බවත් හිටපු හමුදාපතිවරයා ප්‍රකාශ කළේ ය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *