හමුදාව ඉඩම් කොල්ලකෑ බවට ගොනුකළ නඩුවක් අධිකරණය ඉවත දමයි….!

April 22, 2021 at 8:19 pm | by emanisa.lk

සිවිල් පුද්ගලයන්ගේ ඉඩම් බලහත්කාරයෙන් අත්පත්කර ගෙන මහජන සාමය කඩවන ආකාරයෙන් කටයුතු කළ බවට චෝදනා කරමින් යුද්ධ හමුදාවට එරෙහිව හැටන් මහේස්ත්‍රාත් අධිකරණයේ පවරා තිබූ නඩුව නිෂ්ප්‍රභ කරයි

හැටන් කොටගල ප්‍රදේශයේ 581 බලසේනාව පිහිටුවීමේ දී යුද්ධ හමුදාව විසින් සිවිල් පුද්ගලයන්ට අයත් ඉඩම් බලහත්කාරයෙන් අත්පත් කර ගෙන ප්‍රදේශයේ සාමය කඩවන ආකාරයෙන් කටයුතු කරනු ලබන බවට චෝදනා කරමින් එවකට 58 සේනාංකාධිපති මේජර් ජෙනරාල් ප්‍රියංක ප්‍රනාන්දු සහ බලසේනා මේජර් ධනෝජ් රශ්මිත කුඩාවිතාන යන අය වග උත්තරකරුවන් කරමින් 1979 අංක 44 දරන ප්‍රාථමික අධිකරණ නඩු විධාන සංග්‍රහයේ 66 (1) (ආ) වගන්තිය යටතේ යුද්ධ හමුදා භටපිරිස් මෙම ස්ථානයෙන් ඉවත් කිරීම සඳහා යුද්ධ හමුදාවට විරුද්ධව පැවරූ නඩුව හැටන් මහේස්ත්‍රාත් අධිකරණය විසින් අද (22) නිශ්ප්‍රභා කරන ලදී.

අංක 32671 දරන මෙම නඩුවේ දෙපාර්ශවයෙන් ඉදිරිපත් කරන ලද කරුණු සලකා බලා මෙම නඩුවේ වගඋත්තරකාර පාර්ශ්වය යුද්ධ හමුදාව වන බවත් රජයේ පාර්ශ්වයක් වන යුද්ධ හමුදාව මගින් පැමිණිලිකරුවන්ට එරෙහිව සාමය කඩවීමක් සිදුවී ඇති බව පැමිණිලිකරුවන් විසින් ඔප්පුකර නොමැති බැවින් එම නඩුව නිශ්ප්‍රභා කරමින් හැටන් හිටපු දිසා විනිසුරු සහ මහේස්ත්‍රාත් එන්.පටබැඳිගේ මහත්මිය විසින් ලියූ නඩු තීන්දුව හැටන් දිසා විනිසුරු සහ මහේස්ත්‍රාත් ඒ.අයි. හෙට්ටිවත්ත විසින් ප්‍රකාශයට පත්කරන ලදී.

හැටන් කොටගල ප්‍රදේශය ආශ්‍රිතව සිදුවන ගිණිගැනීම් වැනි ස්වාභාවික ව්‍යසන සඳහා ක්‍ෂණිකව ප්‍රතිචාර දැක්වීමටත් නුවරඑළිය දිස්ත්‍රික්කයේ කොවිඩ් – 19 තත්වය පාලනය කිරිම සඳහා දිස්ත්‍රික් සම්බන්ධීකරණ කාර්යාලයක් ස්ථාපනය කිරීම සඳහාත් 581 බලසේනාව හැටන් කොටගල ප්‍රදේශයේ පිහිටුවීම නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් කාර්යාලය වෙතින් ඊට සුදුසු ඉඩමක් ලබාදෙන ලෙස යුද්ධ හමුදාව ඉල්ලීමක් කරන ලදි.

ඒ අනුව, නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් කාර්යාලය විසින්, නාගරික සංවර්ධන අධිකාරියට අයත් කොටගල ප්‍රදේශයේ පිහිටි අක්කර 05ක පමණ වපසරියකින් යුත් ඉඩම් කොටසක් 2020.06.25 වන දින යුද්ධ හමුදාව වෙත ලිඛිතව පවරාදෙන ලදි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස