සමාජ මාධ්‍ය මගින් සන්නද්ධ හමුදාවන්ගෙන් සහ පොලීසියෙන් දිනක වැටුප් කප්පාදුවක් සිදු කරන ලෙස ආරක්ෂක අමාත්‍යාංශය විසින් නියෝගයක් නිකුත් කර ඇති බවට පලවන වාර්තා ප්‍රතික්ෂේප කරන බව මේජර් ජෙනරාල් ගුණරත්න පවසයි.
මෙම ඉල්ලීම සොල්දාදුවන්, නැවියන්, ගුවන් භටයින්, පොලිස් සහ සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තු නිලධාරීන් සඳහා අදාළ නොවන බවයි.
මෙයට පෙර ජනාධිපති ලේකම් ආචාර්ය පී.බී. ජයසුන්දර රජයේ සේවකයින්ගෙන් ඉල්ලා සිටියේ මැයි මාසයේ මුළු වැටුප හෝ දිනක වැටුප වැන්දඹු හා අනත්දරු විශ්‍රාම අරමුදලට පරිත්‍යාග කරන ලෙසයි.
මෙම ඉල්ලීමෙන් පසුව අමාත්‍යාංශය විසින් සියලුම ආයතන ප්‍රධානින් වෙත චක්‍රලේඛයක් යවා තිබේ.
කෙසේ වුවද, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි, වැඩබලන පොලිස්පති සහ සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තු අධ්‍යක්ෂක ජෙනරාල්වරයාට උපදෙස් ලබා දෙමින් ආරක්ෂක ලේකම් පවසා සිටියේ දිනක වැටුප පරිත්‍යාග කිරීම ත්‍රිවිධ හමුදා, පොලිස් සහ සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවට අදාළ නොවන බවය.